බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා...Bindu Bindu mal wasse...





බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා...
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා...
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී....

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා..
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා..
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී...

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා...
වෙල් මැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිළෙනවා...
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා...
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා...

ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා...
මාල වළළු අරුමෝසම් එහි ඇති බව කියන්වා...
දෙමාපියන් ගමින් පිටට මා දෙන්නට හදනවා...
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා....

ගායනය - එඩ්වඩ් ජයකොඩි මහතා

Comments

Popular posts from this blog

අවසර නැත මට ඔබේ අත ගන්නට Awasara natha mata by Milton Mallawarachchi...

Mage Amal biso...මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා by Sunil Edirisinghe...