Posts

Showing posts from 2018

Mage Amal biso...මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා by Sunil Edirisinghe...

Image
මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමින් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මූදුකරේ තනියෙන් යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින් මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි නුඹ නොදැක්ක සේ ඉඳපන් ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන් ගෙට එබී බලයි හොරැහින් මගෙ පුංචි එවුන් ටික ලඟට කරන් නුඹ හෝදිසියෙන් ඉඳපන් පද රචනය - බණ්ඩාර ඇහැළියගොඩ තනු නිර්මාණය - රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ

අවසර නැත මට ඔබේ අත ගන්නට Awasara natha mata by Milton Mallawarachchi...

Image
අවසර නැත මට ඔබේ අත ගන්නට බැම් බැද ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ... බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට බැම් බැද ඇත ලොව සතර දෙසේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරිකම මිස ඔබ සිහින ලොවේ ඔබ කැදවන්නට ඔබ සතපන්නට මා හද තුළ ඉඩ නැතුව නොවේ... මුල් ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි පද රචනය :- ප්රෙමකීර්ති ද අල්විස් සංගීතය :- ක්ලැරන්ස් විජේරත්න

බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා...Bindu Bindu mal wasse...

Image
බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා... ගලින් ගලට පා තබමින් දුවන්නට එපා... ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී.... ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා.. දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා.. දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී... නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා... වෙල් මැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිළෙනවා... ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා... හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා... ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා... මාල වළළු අරුමෝසම් එහි ඇති බව කියන්වා... දෙමාපියන් ගමින් පිටට මා දෙන්නට හදනවා... සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා.... ගායනය - එඩ්වඩ් ජයකොඩි මහතා